ඔක්තෝබර් 07 වනදා සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි.

බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බව අමාත්‍යවරයා සදහන් කරයි .

ඔහු මේ බව සදහන් කලේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය .

“වාහන ආදායම් බලපත්‍රය ඔන්ලයින් සේවාවෙන් ලබාදීමේ වැඩසටහන දැන් අපි ආරම්භ කරලා තියෙනවා. 7 වෙනිදා ඉඳලා ඕනෑම කෙනෙක්ට ඕනෑම පළාතක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් ඔන්ලයින් ක්‍රමයට තමන්ගේ වාහන ආදායම් බලපත්‍රය ලබාගන්න හැකියාව තියෙනවා. පළමු මාසයේ දී බස්නාහිර පළාත තවම ඇතුළත් කරලා නෑ. අනෙක් පළාත් 8ම සුදානමින් ඉන්නේ.”

රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ලක් කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ප්‍රාදේශීය සභා, නගර සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන නවයක් තෝරා ගෙන නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේය.

“සියලුම රාජ්‍ය සේවා සඳහා ගෙවීම්, ඔන්ලයින් ගෙවීම් විදියට හරවන්න යනවා. ඒකෙදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ප්‍රාදේශීය සභාවන්, ඒ වගේම නගර සභාවන්, දිස් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන 9ක් අපි තෝරගෙන නියමු ව්‍යාපෘතියක් අපි ආරම්භ කරලා තියෙනවා. මේ මාසය තුළදී ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා, සේවාවන් සියල්ලක්ම ඔන්ලයින් ක්‍රමයට අපේ පාරිභෝගියාට නිවසේ සිටම ගෙවීම් කරන්න අපි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා ලබන වසරේ මාර්තු 30 වෙද්දි 100%ක්ම ඔන්ලයින් ගෙවීම් ක්‍රමයෙන් සේවාවන් ලබාදෙන්න.”

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page