සුරා බදු වශයෙන් අයත් වියයුතු රුපියල් ‭9,640,832,508.93‬ ක මුදල නොගෙවා පැහැර හැර ඇති මෙරට ප්‍රමුඛ පෙලේ අරක්කු සමාගම් 09 ක් සිටින බව සුරා බදු දේපාර්තමෙන්තුව සදහන් කරයි .

මෙම මුදල හිඟ බදු ,ප්‍රමාද ගාස්තු සහ දඩ මුදල් වශයෙන් එකතු වී ඇති අතර මෙම මස 15 වෙනි දිනට අය විය යුතු විය.

මෙහි අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමෙන් පමණක් 2019 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ රුපියල් ‭3,419,060,160.61‬ ක මුදලක් ආසන්න වශයෙන් රුපියල් කෝටි 342ක මුදලක් ගෙවීම පැහැර හැර ඇත.

එමෙන්ම පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම 2004 සහ 2005 වසර සඳහා ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් ‭525,997,769.59‬ වන අතර එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 53කි.

එමෙන්ම වයඹ ස්පිරිස්ට්ස් සමාගම 2004 වසරට අදාලව රුපියල් ‭266,136,347.61‬ක්ද (ආසන්න වශයෙන් රුපියල් කෝටි 27)

ග්ලොබ් බ්ලෙන්ඩර්ස් සමාගම 1997 වසරේ සිට 2004 වසර දක්වා රුපියල් ‭1,100,508,302.94‬ක්ද (ආසන්න වශයෙන් රුපියල් කෝටි 110)

මැකලම් බෘෘවරි සමාගම (ලයන් බෘෘවරි සමාගම) 1997 වසරේ සිට 2004 වසර දක්වා රුපියල් ‭564,576,769.62‬ක්ද (ආසන්න වශයෙන් රුපියල් කෝටි 56)

සමූපාකාර ස්කාගාරය කලුතර 2019 වසරේ රුපියල් ‭15,589,521.88‬ක්ද (ආසන්න වශයෙන් රුපියල් කෝටි 1.5)

ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් සමාගම (රනිදිය) 2022 සහ 2023 රුපියල් ‭246,764,323.45‬ක්ද (ආසන්න වශයෙන් රුපියල් කෝටි 25)

සිනර්ජි ඩිස්ටිලරීස් සමාගම 2023 වසර සඳහා රුපියල් ‭40,850,774.19‬ක්ද (ආසන්න වශයෙන් රුපියල් කෝටි 4) රන්දෙනිගල නිෂ්පාදනාගාරය රුපියල් ‭42,288,378.43‬ක්ද (ආසන්න වශයෙන් රුපියල් කෝටි 4) වශයෙන් බදු ගෙවීම පැහැර හැර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page