විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කදවුර විසින් මත්ද්‍රව්‍ය කුඩු රැජින ලෙස හඳුන්වන කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකොළ දකුණු ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 43 හැවිරිදි කාන්තාවක් වේ.
රුපියල් කෝටි එක හමාරකට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සපුගස්කන්ද මාකොළ දකුණ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීය.
ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 32 ක් හෙරොයින් ග්‍රෑම් 506 ක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 2 ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත .
සැකකාරිය සතුව තිබි ජංගම දුරකථනයක්, මෝටර් රථයක් සහ යතුර පැදියක් හා මෝටර් රථයක ව්‍යාජ අංක තහඩු දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරන පරිදි ඇය ගනේමුල්ල සංජීව යන සංවිධානාත්මක අපරාධ කරුගේ ගෝලයේකු වන දැනට ඩුබායි රාජ්‍යයෙන් සැඟවී සිටින නිරෝෂන් ශ්‍රී චමිල් යන අය සමග සමීප සබඳකම් පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බවයි.
