හිඟ බදු ගෙවීම පැහැර හැරි බව කියන මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්ර අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත .
ඒ අනුව ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, වයඹ ඩිස්ටිලරීස්, සිනර්ජි ඩිස්ටිලරීස්, රන්දෙණිගල ඩිස්ටිලරීස් සහ ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් යන සමාගම්වලට මත්පැන් නිෂ්පාදනය කිරීම සහ තොග බෙදා හැරීම සිදු කිරීම තහනම් කර ඇත .
සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ සඳහන් කර පරිදි දීර්ඝ කාලයක සිට ගෙවිමට ඇති බදු මුදල් සහ හිඟ බදු මෙම සමාගම් නොගෙවීම හේතුවෙන් එම පියවර ගත් බවයි .
ඒම සමාගම්වල වාර්ෂික බලපත්රය පසුගිය ඔක්තෝබර් 30 වන දා අවසන් වූ පසු එම බලපත්ර අලුත් නොකිරීමට පියවර ගත් බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත .
