ඒලබෙන අය වැය ට සහයෝගය ලබාදීමට නම් වත්මන් රජය ජනතාව සහන ලබා දිමට කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි .

පසුගියදා නාමල් රාජපක්ෂ මහතාගේ නිවසේ මන්ත්‍රීවරුන් පිරිසක් මුණ ගැසුණු අතර එහිදී ඉදිරි අයවැය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය කෙරුණු බව සදහන් .

ඒ අනුව පසුගිය බදාදා ඔහු සිය පියාවන මහින්ද රාජපක්ෂ මුණගැසී ඒ පිළිබඳව සාකච්ඡා කරන ලදි.

මෙවර අයවැයේදී ජනතාවට සහන දෙන්නෙ බැරිනම් ඊට සහාය දෙන එක ගැන හිතලා බැලිමට සිදුවන බව නාමල් රාජපක්ෂ විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවේ පවසන ලදී .

සියලු දෙනා සමග මේ පිළිබඳව සාකච්ඡා කොට විශේෂයෙන්ම පක්ෂ ජේශ්ඨයින් හිටපු මුදල් අමාත්‍යවරු එහෙම මුණ ගැහිලා අදහසක් අරගන්න මේ පිළිබඳව තීරණය කල යුතු බව මහින්ද රාජපක්ෂ ඔහුට පවසා ඇති අතර ඒ අනුව නාමල් රාජපක්ෂ මේ සතියේ සිට පක්ෂ ජේශ්ඨයින් වෘත්තිකයින්,හිටපු මහබැංකුවේ අධිපතිවරු මුදල් ලේකම්ලා ඇතුළු පිරිස ගෙයින් ගෙට ගොස් මුණ ගැසීම ආරම්භ කිරීමට නියමිත බව සදහන් .

තවද පොහොට්ටු මහලේකම් සගර කාරියවසම් හා පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂවද මේ සතියේ මුණ ගැසීමට කටයුතු කරන බව ඔහු සදහන් කරයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page