මව්බිම ජනතා පක්ෂයේ මංගල දිස්ත්‍රික් සමුළුව ලෙස ගාල්ල දිස්ත්‍රික් සමුළුව අද (05) පෙරවරුවේ එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීණි.

ගාල්ල නගර ශාලාවේ දී පැවති ඒම පක්ෂයේ මංගල සමුළුවට මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක ආචාර්ය හේමකුමාර නානායක්කාර, පක්ෂ සභාපති ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

ඒහිදි සමුළුව ඇමතූ දිලිත් ජයවීර ….

මම මේ දේශපාලනයේ වක්‍රාකාරයෙන් වසර 30 ට වඩා වැඩි කාලයක් නිරත වු කෙනෙක් මම ජනතා විමුක්ති පෙරමුණ පංති 5 ට ගියේ 8 වසර පංතියේ දි ආයෙත් 11 වසරේ දිත් නැවත පංති 5 ට ගියා.

යම් මට්ටමකට මම ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ආශිර්වාදයක් තිබුනත් හබරාදුවේ ජොර්ජ් රත්නායක ගුරුතුමා මරා දමද්දී ඒයින් ඇති වුණු කම්පනය නිසා මම ඒ දේශපාලනයේන් සමුගන්න තිරණය කලා.

එදා ඉඳන් අද දක්වා අපි හොද දේශපාලන පරිචයක් තිබිච්ච පිරිස් .කවුරුන් හිතනවා නම් මේ උඩින් ආපු දිලිත් ජයවීරලා කියලා අන්න එතන තමයි වැරදි නිර්වචනය .අපි ශ්‍රී ලංකාවේ ජාතිකත්ව දේශපාලනයේ හදවතින්ම අවුරුදු 30 ක්ම හිටපු නිසා ඒ ලැබුණු සමාජ ප්‍රාග්ධනය සාමාජ මාධ්‍ය වල,සමාජ ජාලාවල අභියෝගයට ලක් කරනවා.

ඒ නිසාම තමයි අපි තීරණය කරන්නේ අපිම දේශපාලනය කරන්න. අපි ඔය කියන සියලු දෙනාට සහයෝගය දුන්නේ මේ රටේ ජාතිකත්වය දේශපාලනය රැකගන්න . ඒ සඳහා අපි දැන් මහන්සි වෙනවා කැපවෙනවා.

ජාතිකත්වය දේශපාලන කඳුවුර කියන්නේ මේ රටට ආදරය කරන දේශපාලන කඳවුර, එ කදවුර තවදුරටත් නියෝජනය කරන්නේ අපි, ඒ කදවුර වටා එකතු වෙනවා නම් අපේ මවුබිම ජනතා පක්ෂය වටා ගොඩනැගෙන වැඩපිළිවෙළක් තුළ පමණක් කියලා අපි මතක් කරලා දෙන්න ඕනේ…

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page