ආසිරි පෝට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි ඇත.
ආසිරි පෝර්ට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම විසින් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක ආයෝජනයක් යටතේ කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
එම ව්‍යාපෘතිය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් වශයෙන් ගැසට් පත්‍රයේ නියමයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එකී නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇත.
