බදු අංකය ලබාගෙන හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කොමසාරිස් කීර්ති නාපාන මහතා සඳහන් කරයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කල පරිදි ..

ජනවාරි 01 වනදා වන විට දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබුනේ 437,547 ක් පමණක් බවත් මේ වන විට ඒය ලක්ෂ 10 ඉක්මවලා තිබෙන බවත් ය.

ආදායම් බෙදී ගිහින් තිබෙන ආකාරය අනුව ආදායම් විශමතාවයක් තිබෙනවා.ඉහළම ආදායම් ලබන කණ්ඩායම සියයට 20 ක් විතර ඉන්නවා. ඒ කණ්ඩායම සමස්ත ආදායමෙන් සියයට 60 ක් භුක්ති විඳිනවා.

සියයට 20ක් කියලා කිව්වොත් පුද්ගලයන් ලක්ෂ 50ක් විතර. එතකොට අපේ පළවෙනි ඉලක්කය තියෙන්නේ මේ ලක්ෂ 50 හඳුන ගැනීම. මොකද ඔවුන්ගෙන් තමයි සැබෑ බදු ආදායමක් ලබාගැනීමේ හැකියාව තිබෙන්නේ.”දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ මේ කණ්ඩායම හඳුනා ගැනීම.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page