සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමඟ දුරකතන හරහා සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගන ප්‍රශ්න කරනු ලබන හරක් කටා පිළිබඳව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් සහ නියෝග මත විශේෂ විමර්ශන ඒකකය මඟින් මේ වන විට ආරම්භ කර ඇති බව සදහන් .
.හරක් කටා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කළ විමර්ශනවලදී මේ බව අනාවරණය වුවත් ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොවීම සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දැඩි අවධානය යොමුකර ඇත.
මෙලෙස චෝදනා එල්ල වී තිබෙන බහුතරයක් දකුණු පළාතේ විවිධ ශ්‍රේණිවලට අයත් පොලිස් නිලධාරීන් බවට දැන ගන්නට ලැබි ඇති අතර හරක් කටා විදේශගතව සිටියදී හා අත්අඩංගුවට පත්ව සිටියදී එම පොලිස් නිලධාරීන් විවිධ වරදාන වරප්‍රසාද ලබාගෙන ඔහු විසින් මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාලය සමඟ ඍජු හෝ වක්‍රාකාරයෙන් සබඳතා පවත්වා ඇත් ද ,ඔහුගේ අනුගාමිකයන්ට සහයෝගය ලබා දුන්නා ද යන්න විමර්ශනය කරයි.
මෙම චෝදනා එල්ල වී තිබෙන පොලිස් නිලධාරීන්ට මුදල් ලබා දි ඇත්නම් එම මුදල් වලින් වෙනත් පුද්ගලයන්ගේ නමින් මිල දී ගත් ඉඩකඩම් යාන වාහන ආදි වත්කම් සම්බන්ධයෙන් ද විශේෂයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.
