වැඩබලන පොලිස්පති තනතුරට දේශබන්දු එන්නකෝන් මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවෙන් ජනාධිපතිවරයට අනුමැතිය ලබාදීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
පාස්කු ඉරිදා දිනයේ මෙරට එල්ල වූ ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට චෝදනා එල්ල වන බවත් ජාතික ජන බලවේගය වෙනුවෙන් නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම ගොනුකරමින් සදහන් කරයි
එමෙන්ම සැකකරුවෙකුට අත්අඩංගුවට ගැනීමේදී මූලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කර ඇති බවද ඒ හේතුවෙන් ඔහුට විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර ඇති බවද පෙත්සම්කරු සදහන් කරයි
