මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම හේතුවෙන් මධ්‍යම පලාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු ඔවුන් සේවය කළ පාසැල්වලින් වෙනත් පාසැල් වලට ස්ථාන මාරු කර යැවීමට මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත .

මෙලෙස ස්ථාන මාරු කිරීමට ලක් කර ඇත්තේ මහනුවර අධ්‍යාපන කලාපය,හඟුරන්කෙත අධ්‍යාපන කලාපය, හැටන් කලාපය,වලපනේ කලාපය යන අධ්‍යාපන කලාප වලට අයත් විදුහල්වල ගුරුවර ගුරුවරියන් බව මේ සම්බන්දව විමසු අවස්ථාවෙි පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මෙිනක හේරත් මහතා කීය.

මෙම ගුරුවරුන් ළමුන්ගෙන් මුදල් අයකර තමන්ගේ පංතිවල ඉගෙනුම ලබන දරුවන්ට අමතර පංති පවත්වා උගන්වා ඇති බව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශණ නිලධාරින් සිදුකල විමර්ශණ වලදී අනාවරණය වී තිබෙන බවත් ඔවුන් උසස් පෙළ,සාමාන්‍ය පෙළ සහ ප්‍රාථමික පංතිවල ඉගෙනුම ලබන දරුවන්ගෙන් මෙලෙසමුදල් අයකර අමතර පංති වල උගන්වා ඇති බවත් පලාත් අමාත්‍යාංශ ලේකම් වරයා පැවසීය.

මෙම ගුරුවර ගුරුවරියන්ට එරෙහිව විනය පරීක්ෂණද පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයා සදහන් කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page