මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට ඉදිරිපත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවන් මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිර්දේශ සඳහා යැවූ පසු සාකච්ඡා කළ කරුණු අමතක කොට නිර්දේශ ලබාදීමෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ප්‍රතික්ෂේප වන බවද අමාත්‍යවරුන් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර ඇත.

මුදල් අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තු 13 ක් පමණ පවතින බවත් අදාල අමාත්‍යවරුන් ඇමති මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමට ප්‍රථම අදාල දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සාකච්ඡා කොට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලබන බවත් ඔවුන් කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වන ලෙස හිතා මතාම නිර්දේශ ඉදිරිපත් කරන බව මෙම ඇමතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැමිණිලි කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ කාර්ය භාරය පාර්ලිමේන්තුවේ දී ප්‍රසිද්ධියේ විවේචනය කළ බවත් ඉදිරියේදී මහාභාණ්ඩාගාරය හා ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු නිලධාරීන් රජය අපහසුතාවයට පත් කිරීමට වැලැක්වීමට මෙම ක්‍රියාවලිය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට තීන්දු කර ඇතැයි අමාත්‍යවරු ජනපති සමග පවසා ඇත

මෙම දෙපාර්තමේන්තු වල සිටින නිලධාරීන් බහුතරයක් අවුරුදු 20 ක් 30 ක් එකම ස්ථානයක රැදී සිටිමින් මේවායෙන් ලැබෙන වරප්‍රසාද භුක්ති විදිනවා විනා රටට අවශ්‍ය දේ ඉටු නොකරන බවටද ඇමතිවරුන් ජනාධිපති දැනුම්වත් කොට ඇත

ලංකා ගමනාගමන මණ්ඩලයට සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් මහාභාණ්ඩාගාරය යටතේ ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇතත් තවමත් එය සකස් කර නොමැති වීම ගැන ද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අමාත්‍යවරු පැමිණිලි කළහ.

ජනාධිපති යටතේ ඇති අමාත්‍යාංශ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවලට වැරදි නිර්දේශ ඉදිරිපත් කිරිම ගැන මෙන්ම ඇමතිවරු කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් සොයා බලා එවැනි දෑ සිදුනොවීමට අවශ්‍ය පියවර ගනන්නා ලෙස ජනාධිපතිවරයා ලේකම් සමන් ඒකනායකට හා ජ්‍යෙෂ්ඨ සහකාර ලෙකම් මධුසංක දිසානායක වෙත උපදෙස් ලබා දි ඇත.

එසේම ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශ කිහිපයකට අදාලව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා කිහිපයකට ද මෙලෙස වැරදි නිර්දේශ ඉදිරිපත් කර ඇති බව ජනපති මේ ගැන සොයා බැලීමේදි හෙළිදරව් වී ඇති බවද සදහන් ..

.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page