රොනි ද මැල් මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වු අගමැතිවරයා පැමිණි ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට දැඩි අලාභ හානි සිදු වි ඇති බව සදහන් වේ.
එම අවස්ථාවේ දී මුහුද දෙසින් පැමිණි දැඩි සුලං ප්‍රවාහය නිසා එම තත්වය ඇති වු බවට ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රකාශ කල බව මාතර තානායමේ කළමනාකරුවන් සදහන් කරයි
එම සිදුවීම සිදු වන විට ආහාර පාන ලබා ගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්,දේශීය හා විදේශීය සංචාරකයින්ට දැඩි අපහසුතාවයකට මුහුණ දිමට සිදුව ඇති බවත් පිගන්වලට ද වැලි ,දූවිලි හා කුණු රොඩු වැටී තිබු බවත් නිසි ආකාරයට ගුවන් යානය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් සිය විරෝධය පල කර බවත් සදහන් වේ.
ඒසෙම මාතර තානායමේ බුෆේ කෑම මේසයේ කෑම සියල්ල විසි කර දැමීමට සිදු වු බවත් පිගන් කෝප්ප ද කුඩු වී බාර් එකේ වහල ගැලවී ගොස් තිබු බවත් ඒහි උලු කැට ගැලවී ගොස් තිබුණු බවත් ඒ ආසන්නයේ කොට්ටම්බා ගසක අත්තක් ද බිමට කඩා වැටී තිබුණු බවත් සදහන් වේ.
අවමංගල්‍යය උත්සවය අවසන් නැවත ප්‍රභූන් පැමිණීමට නියමිතව තිබු නිසා කාර්ය මණ්ඩලය යොදවා ඉතා ඉක්මණින් මාතර තානායම පිරිසිදු කිරීමට ද කටයුතු කල බවත් මෙම සිද්ධියෙන් මාතර තානායමට සිදුව ඇති හානිය පිළිබඳව සොයා බැලීමට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් තිබුණි .
