වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් පිරිමි පුද්ගලයාව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත
පසුගිය 11 වනදා වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් පිරිමි පුද්ගලයාව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණි.
මියගොස් ඇත්තේ, වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මරණකරු හා ඔහුගේ බිරිඳ යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ පොන්නාලේ හන්දිය ආසන්නයේදී අමනාපයක් තිබූ පිරිසක් මෝටර් රථයකින් පැමිණ සිටින බව දැක ඇත.
එහිදී මරණකරු යතුරුපැදිය හරවා පොන්නාලේ නාවික හමුදා මුරපොළ අසලට ධාවනය කර තිබුණු අතර ඔවුන් පසුපසින් පැමිණ මෙම පිරිස ඒම පුද්ගලයා හා බිරිඳ යතුරුපැදිය සමග පැහැරගෙන ගොස් ඇති අතර පසුව කාන්තාව සිත්තන්කේනි හන්දියේ දමා ගොස් ඇත.
පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබාසිටි එම පුද්ගලයා පසුව ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
