පාතාල නායක ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයා මෙම ඝාතනයේ මහ මොළකරු ලෙස සලකන ඩුබායි හි සැඟවී සිටින කෙහෙල්බද්දර පද්මේ සමග කලක සිට සමීප සබඳතා පවත්වා ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත .

පසුගිය දිනවලදී රුපියල් ලක්‍ෂ 68 ක මුදලක් අදාල කොස්තාපල්වරයාගේ බැංකු ගිණුමට ලැබි ඇති බවත් එම මුදල් සංජීව ඝාතන සිද්ධියට සහාය වීම වෙනුවෙන් පද්මේ නමැති පාතාල නායකයා විසින් ලබාදෙන්නට ඇති බවට සැක පහළ කරයි.

ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 08 දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිටින අතර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන නීතිඥ වෙස් ගත් කාන්තාව මේ වනතුරු සොයා ගැනීමට හැකි වී නැත.

පොලිසිය පවසන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ ඉතාම සමීප හිතවතියක වන මෙම කාන්තාව සංජීව ඝාතනයේ සියලු සැලසුම් මෙහි සිට සැලසුම් කර ඒවා ක්‍රියාත්මක කර ඇති බවත් කාන්තාව සැඟවී ඇති බවට සැකකරන ස්ථාන පරීක්‍ෂා කිරීම මේ වන විට සිදුවෙන බවය.

කොළඹ අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම ඝාතකයා සමග ඔහු පලාගිය වෑන් රථය පුත්තලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අටදෙනා අතරින් දෙදෙනකු පොලිස් නිලධාරීන් වන අතර තවත් තිදෙනකු යුද හමුදාවෙන් පලාගිය සෙබළු වෙ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page