ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (25) සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වය ආරම්භ වූ අවස්ථාවේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 68ත් 70ත් අතර පරාසයක පැවති අතර, මේ වන විට එම මට්ටමටත් වඩා පහළ අගයන් වාර්තා වී තිබේ.

ඒ අනුව, මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 66.45 දක්වා පහළ ගොස් ඇති අතර, එය දැනට වාර්තා වන අවම අගයන් අතරින් එකක් ලෙස සැලකේ.

එසේම, WTI (West Texas Intermediate) වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70.05ක් ලෙසත්, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.32ක් ලෙසත් අද වාර්තා විය.

මෙම මිල පහළ යාම හේතුවෙන් ඉදිරියේදී ජාත්‍යන්තර ඉන්ධන වෙළෙඳපොළේ සහ දේශීය ඉන්ධන මිල ගණන් කෙරෙහි ද බලපෑමක් ඇතිවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page