පිවිතුරු හෙළ උරුමයේ ප්රචාරක ලේකම් අන්ජන උදාර මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ, ජාතික ජන බලවේග ආණ්ඩුවේ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළහ.
පසුගිය දිනවල වත්තල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට අමාත්‍යවරයා සහභාගී වීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව ඔවුන් සඳහන් කර සිටියා
ඔවුන් සඳහන් කළේ, අදාළ විරෝධතාවය පවත්වා තිබුණේ යහපත් එඬේරා කන්‍යාරාම විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය ඉවත් කර, කතෝලික කන්‍යා සොහොයුරියක් විදුහල්පතිනිය ලෙස පත් කරන ලෙස ඉල්ලමින් බවයි.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අන්ජන උදාර මහතා කියා සිටියේ, ක්‍රිෂාන්ත අබේසේන මහතා කැබිනට් අමාත්‍යවරයෙකු වන අතර වත්මන් විදුහල්පතිනිය පත්කර ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් බවයි.
එමෙන්ම දෙපාර්ශ්වයම වත්මන් ආණ්ඩුව නියෝජනය කරන බැවින්, ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම වෙනුවට අමාත්‍යවරයා විරෝධතාවයට එක්වීම ගැටලුකාරී තත්ත්වයක් බව ද ඔහු සඳහන් කලා.
තවද, මෙම ක්‍රියාකලාපය හරහා කතෝලික සහ සිංහල ජනතාව අතර භේදයක් හෝ අසමගියක් ඇති කිරීමේ උත්සාහයක් පවතින්නේ ද යන්න පිළිබඳ සැකයක් මතුවන බවත්, ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් CID වෙත පැමිණිල්ල භාරදුන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය
