ඉහල කොත්මලේ ජලාශය අවට ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ දින සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසයි.
ඒම ප්‍රදේශයට තවදුරටත් තද වැසි ඇති වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රියව විවෘත වන බවත් ජලාශයේ වේල්ලට පහලින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් ජනතාවගේන් ඉල්ලා සිටියි.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩොවොන් දිය ඇලි වල ඇද හැලෙන ජල ධාරිතාව ඉහල ගොස් ඇත
