මැතිවරණවලදී ඡන්ද දායකයින්ගේ ඇඟිලිවල නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව
ඡන්ද මධ්‍යස්ථාන තුළ සිදුවන රාජකාරි කටයුතුවල කාර්යක්ෂමතාව සහ මැතිවරණ පැවැත්වීමේදී රජයට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදු වීම යන කරුණු නිරීක්ෂණය වී ඇති බැවින් තීන්ත භාවිතය පිළිබඳ නීතිමය ප්‍රතිපාදන මැතිවරණ පනත්වලින් ඉවත් කිරීමට තීරණය ගෙන ඇත.

ඒ අනුව නොමැකෙන තීන්ත භාවිත කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීම සඳහා පහත සඳහන් පනත් සහ ආඥාපනත්වල අදාළ වගන්ති සංශෝධනය කිරීමට නීතිමය පියවර ගනු ලබයි.

  • ජනාධිපතිවරණ – 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 36 වැනි වගන්තිය.
  • මහ මැතිවරණ – 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වැනි වගන්තිය.
  • පළාත් සභා මැතිවරණ – 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 36 වැනි වගන්තිය.
  • පළාත් පාලන මැතිවරණ – (262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම් ආඥාපනතේ 53අ. වගන්තිය.
  • ජනමත විචාරණ – 1981 අංක 7 දරන ජනමත විචාරණ පනතේ 21 වැනි වගන්තිය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page