වසර පහක කාලයක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
වසර පහක් තිස්සේ ආදායම් බලපත‍්‍ර ලබා ගෙන නැති වාහන පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව,
ඒවා තවදුරටත් භාවිතයේ නොමැති නම් පද්ධතියෙන් ඉවත් කිරීමට බලාපොරොත්තු වේ.
රට තුල මේ වන විට වාහන ලක්ෂ අසූ තුනක් යාපදිංචි ඇතත් ඉන්ධන බලපත්‍රය ලබාගෙන ඇත්තේ වාහන ලක්ෂ 60කට පමණි.
ඒ අනුව වාහන ආසන්න වශයෙන් විසි තුන් ලක්ෂයක් පමණ භාවිතයේ නොමැති බව දෙපාර්තමේන්තුවේ අදහස් කරයි.
