යාපනය මාණිපායි ප්‍රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩම ඒලි පෙහෙලි කරමින් සිටියදී වලදමා තිබූ ටී.56 ගිනි අවි සහ පතුරම් තොගයක් හමු වි ඇතැයි මාණිපායි පොලීසිය සදහන් කරයි.

මෙම ඉඩමේ හිමිකරු ඉදිකිරීමක් වෙනුවෙන් ගෙවත්ත එළිපෙහෙළි කරන අවස්ථාවේදී පොළව යට වලදමා තිබූ පෙහොර උරයක් හමුවී වී ඇති අතර ඒය පරික්ෂා කිරීමේදී ගිනි අවි යැයි සැක සිතූ ඔහු ඒ පිළිබදව පොලීිසියට දැනුම් දී ඇත.

පොලීසිය අදාල ස්ථානයට පැමිණ සිදුකරන ලද පරික්ෂාවකින් පසුව ඒහි තිබී ටී.56 ගිනිඅවි 4 ක් , උණ්ඩ 09 ක් සහ ටී.56 මැගසින් 4 තිබී සොයාගනු ලැබු අතර ඒ වන විටත් ඒවා දැඩි ලෙසින් දිරාපත්ව තිබූ බවත් ,එම අවි ආයුධ යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් මෙලෙස වලදමන්නට ඇති බවටත් පොලීසිය සැකපල කරයි.

සොයාගත් ගිනිඅවි තොගය අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව විනාශ කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන මාණිපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.‍

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page