රාගල පොලිස් වසමට අයත් රාගල වත්ත මැද කොටසේ වතු නිවාස පේළියක ඊයේ (05) දහවල් ඇති වූ ගින්නකින් නිවාස 20 කට පමණ හානි සිදුව තිබේ.

එම නිවාසවල ජීවත් වූ පවුල්වල සාමාජිකයින් 78 දෙනෙකු සිටින අතර පාසල් යන වයසේ දරුවන් 15දෙනකු පමණ සිටින බව වාර්තා වේ.

ඔවුන් සඳහා රාගල සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයේ තාවකාලිකව නවාතැන් පහසුකම් සලසා තිබේ. ප්‍රදේශයේ වැසි සහිත තත්ත්වයක් තිබිය දී මෙම ගින්න ඇතිව තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ගින්නෙන් කිසිවකුටත් හානි සිදුව නැත. ගින්න පැතිරයෑමත් සමග නිවාසවල තිබූ වටිනා භාණ්ඩ ඉවටතට ගැනීමට නිවැසියන් පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් රාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page