විවිධ කතා බහට ලක්වෙමින් තිබූ නව සේවා නියුක්ති පනත ඊයේ කම්කරු හා විදේශ සේවා අමාත්‍යාංශය ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කර ඇත.
මෙසේ ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සංශෝධනය සකස් කිරීමට සති දෙකක කාලයක් එනම් මේ මස 21 වන දින දක්වා ජාතික කම්කරු උපදේශන සභාවට කාලය කාලය දී ඇත.
එසේ සංශෝධනවලින් පසු මෙම කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ද යැවිමට නියමිතය .
කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු ව නීති කෙටුම්පත් අංශය වෙත ද අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කළ පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටී
මෙම සේවා නියුක්ති පනත සම්මත වීමෙන් පසුව 1935 සිට අද දක්වා පැවති සියලු පනත් අහෝසි වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටී
