නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ සම්බන්ධව පොලිසියට තොරතුරු ලබාදෙන පිරිස් වෙත සහ එම වැටලීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට මෙතෙක් ලබාදුන් මුදල් ත්‍යාග වැඩි කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ උපදෙස් පරිදි අදාළ තීරණය ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහි මූලික පියවර වශයෙන් ඊයේ (25) දිනයේ සිට ලබන මස 31 වන දින දක්වා කාලය තුළ සිදුකරන වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලබන නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ වෙනුවෙන් ලබාදෙන ත්‍යාග මුදල් වැඩිකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page