රජය සහ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ජුනි මස 30 වන සිකුරාදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට හේතුවූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම බව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාලපරාසයක් අවශ්‍ය බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තු කමිටු තුළ සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.
මෙම වැඩපිළිවෙළ තුළ දේශීය බැංකු සහ බැංකු නොවන තැම්පත් ලබාගන්නා ආයතනවල තැම්පත් මුදල් හෝ ඔවුන් ලබා ගන්නා පොලී මුදල් සඳහා කිසිදු හානියක් නොවන බවයි බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර අදාළ දීර්ඝ බැංකු නිවාඩු කාලය තුළ ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීම සහ Online බැංකු ගණුදෙනු හා අන්තර්ජාලය හරහා සිදුකර බැංකු කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
