ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සශෝධනය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇති අතර
එහි නව මිල වන්නේ රුපියල් 328 කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 365ක් දක්වා අඩු වී ඇත.
ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් මිල රුපියල් 2කින් අඩු කිරීම හේතුවෙන් එහි නව මිල රුපියල් 308 ක් වේ.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් වැඩි කිරීම හේතුවෙන් එහි නව මිල ලෙස දැක්වෙනුයේ රුපියල් 346 ක් ය.
එසේම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 9කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 236ක් ය.
