වැග්නර්හි නායකයා වන යෙව්ගිනි ප්‍රිගොෂින් සැලකෙන්නේ රුසියානු ජනාධිපතිවරයාට අතිශයින් හිතවත් ඔහුගේ සමීපතමයකු වශයෙනි. ලෝක ඉතිහාසය තුළ එවැනි අයකු විසින් මෙහෙයවනු ලබන සන්නද්ධ කැරැල්ලක් ඉතා භයානක විය හැක. නමුත් රුසියානු හිතවාදී බෙලරුසියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ මැදිහත් වීමෙන් පුටින් හා ප්‍රිගොෂින් අතර ඇතිවිමට ගිය භායානක තත්වය සමථයකට පත් වී ඇති අතර

වැග්නර් නායකයා හා ඔහුගේ කණ්ඩායම මේ වන විට බෙලරුසියාව බලා පිටත්ව ගොස් ඇත.

ප්‍රිගොෂින්ගේ කැරැල්ල පෞද්ගලිකව රුසියානු ජනාධිපතිවරයාට එරෙහිව සිදු නොවූවක් බව ප්‍රකාශයට පත්ව ඇතත් ජනාධිපතිවරයාගේ අණසක යටතේ පවතින රුසියානු රාජ්‍යයට එරෙහිව සිදු වූවක් බව බැහැර කළ නොහැක.

වැග්නර් සන්නද්ධ කණ්ඩායම රුසියාව තුළ සිදු කරන ලද කැරලිකාරී හමුදා ක්‍රියාන්විතය අසාමාන්‍ය දේශපාලන ගති ස්වභාවයක් පෙන්නුම් කරයි. එහි කම්පනය මේ වන විට පහව ගොස් ඇතත් කැරැල්ලෙන් ඇති විය හැකි පසුකම්පන තත්ත්වයන් තවදුරටත් බලාපොරොත්තු විය හැකිය. මෙය මාස 16ක් තිස්සේ රුසියාව යුක්රේනයේ ක්‍රියාත්මක කර ඇති යුද්ධයේ තීරණාත්මක අවස්ථාවකි. එමෙන්ම රුසියානු ජනාධිපතිවරයාගේ බලය අභියෝගයට ලක් විය හැකි අවස්ථාවකි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page