චිනයේ චයිනා හාබර් ඉන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා සමඟ සිදුකල සාකච්ඡවේ දී කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආයෝජකයන් සඳහා හිතකර පරිසරයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉඩ ප්රස්ථා ලබා දීමට අප සූදානම් නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානම් සිටින බවත්.
පසුගියදා චීනයේ සිදු කළ සංචාරයේ දී චීනයේ මුදල් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ චීන එක්සීම් බැංකුවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා සිදුකල බවත් ඔවුන් මෙරට ආර්ථික ස්ථායීකරණය සහ ප්‍රගතිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කල බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ වගේම චීනයේ සයිනොපැක් සමාගම මෙරට ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ ඇති සූදානම පිළිබඳව ද ජනාධිපතිවරයාට දැනුම් දි තිබේ .
