අපනයනය සඳහා කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියට ආයෝජනය කිරීම සඳහා දැනටමත් ආයෝජකයින් 11 දෙනෙකු ඉදිරිපත් වී සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය
මේ වෙනුවෙන් ආයෝජනය කරන්න 11 දෙනෙක් දැනටමත් එකඟ වෙලා තියෙනවා. ඒ අයත් එක්ක අපි ඉදිරියට යනවා නියමු ව්‍යාපෘතියක් හැටියට. දැනට මම බලලා තියෙනවා අඩුම වශයෙන් ඩොලර් බිලියන හතරක් – පහක් වාර්ෂිකව රටට ලැබෙයි කියලා.
දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ කඹ ඇදිලි නිසා මෙම ව්‍යාපෘතිය කරගෙන යෑමට හැකි වේද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් රාජ්‍ය ඇමතිනිය.
“නෑ, මම ඉන්නකල් නම් එහෙම වෙන්න දෙන්නෙ නෑ. අපි අර නිධානයක් උඩ ඉඳගෙන හිඟාකන ජාතියක් වගේ හැමදේම අපට එහෙම අහක් කරන්න බෑ.
