විපක්ෂයට ආණ්ඩුව සමඟ එක්වන ලෙස ජනාධිපතිවරයා පැවසුවද හොරුන් සමඟ එකතු වන්න සමඟි ජන බලවේගයට නොහැකි බව සමගි ජන බලවෙගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

අරගල කළේ හොරු ගෙදර යැවීමට වුවත් තවමත් බලයේ ඉන්නේ එම හොරුන්ම බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

රටට යහපත් අණ පනත් ගෙන එන ලෙසත් ඒවාට සහය දීමට විපක්ෂයට ගැටළුවක් නැති බවත් ඔහු කියා.සිටියි.

මේ වන විට අළුත් දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව පවතින අතර එය සජිත් ප්‍රේමදාස මහතා විසින් ගොඩනගා ඇති හෙයින් එම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද ඒ වෙනුවෙන් සංවිධානය වන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

පහුගිය මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරදියි කියලා හිතුවේ නෑ. අපට උතුරේ කදුකරේ නැගෙනහිර ජන්ද ටික ලැබුනා.

දැන් තියෙන්නේ නරක ආර්ථික තත්ත්වයක්.පාර්ලිමේන්තුව හදිස්සියේ කැදෙව්වා දේශීය ණය ප්‍රශස්තිකරණය කරන්න කියලා.

අර්ථ සාධක අරමුදල් වලට ඇගිලිගහන්න එපා කියලා අපි කිවා.දේශීය ණය ප්‍රශස්තිකරණය කරන්නේ නෑ කියලා දැන් ඒක කළා

.ටීවි එකට ඇවිත් කියනවා කිසි හානියක් නෑ කියලා.

මේ හානිය පේන්නේ තව අවුරුදු කිහිපයකි ගියහම ජනතාවගේ සේවක භාර අරමුදලේ සල්ලි නීතියක් ගෙනල්ලා මංකොල්ල කෑවා.

2025 පස්සේ වැඩකරන ජනතාවගේ සල්ලිවල මූර්ත වටිනාකම අඩුවෙනවා.

මේකට අපි විරුද්ධයි. ප්‍රශස්තිකරණය කියල වචනයක් ගෙනල්ලා ජතාවගේ මුදල් මේ ආණ්ඩුව මංකොල්ල කන්න උත්සාහ කරනවා .” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page