ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකඟතාවයකින් සිටින සමගි ජන බලවේගයෙන් ඉක්මනින්ම ඉවත් කිරීමට පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ඇති බව පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි .

ජනාධිපතිවරයා සමග මේ වන විට කටයුතු කරන සමගි ජනබලවේගය පිරිස් ගැන තමන් සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කර ඇති බවත් වැඩිකල් යාමට පෙර ඔවුන්ට එරෙහිව ඔහු පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඇය පවසා සිටි.

තමන් සමගි ජන බලවේගය හැර නොයන බවද පවසන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර එය පිරිසුදු කර නිවැරැදි මාර්ගයට ගෙන ඒමට උපරිම උත්සාහ දරන බවත් කියා සිටියි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page