නව පොලිස්පතිවරයකු පත් කිරීමට නොහැකි වීම ඛේදජනක තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගු ලබාදීම විකෘතියක් බවත් රජය තුළ කඹ ඇදීම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වී ඇති බවත් හෙතෙම කීය.
හැකි ඉක්මනින් නව පොලිස්පතිවරයකු පත් කළ යුතු අතර එයට සහාභාගි වීමට ව්‍යවස්ථා කවුන්සිලයට සෘජු වගකීමක් ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියේය.
