අරගලයට නායකත්වය ලබාදුන් පුද්ගලයන් රැසකගේ බැංකු ගිණුම් වලට විදේශයන්ගෙන් මුදල් ලැබී තිබේ දැයි මේ වන විට ආරක්ෂක අංශ විමර්ශනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (ජූලි 9) පැවසීය.
ගාලු මුවදොර සිටි පුද්ගලයන් ගේ එම ගිණුම්වලට මුදල් ලැබී තිබෙන ආකාරය පිළිබඳව දැනට තොරතුරු ලැබී තිබෙන බවත් ඒ අනුව අරගලයට නායකත්වය දුන් අයට ඩොලර් ලැබුණු ආකාරය පිළිබඳව ඉදිරියේදී ඉතා වැදගත් කරුණු හෙළිදරව් වනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
දෙමළ ඩයස්පෝරාව ඇතුළු විදේශීය රටවල් හා තානාපති කාර්යාල මෙම අරගලකරුවන්ට මුදල් ලබා දී තිබෙන බව ඔහු. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කීහ
අරගලයට සම්බන්ධ වූ රාජාංගණයේ සද්ධාරතන හිමියන්ගේ ගිණුම්වලට ගෝතමාලාවෙන් රුපියල් කෝටි 4ක් සහිතව රුපියල් කෝටි 10ක් මුදල් ලැබී ඇතැයි බව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා ගල්වල සිරිධම්ම හිමියන්ගේ ගිණුම්වලට මුදල් ලැබී ඇති ආකාරය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව ද සඳහන් කළේ ය.
එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාහේ නිවෙස ගිනි තැබීමට සම්බන්ධ බවට අත්අඩංගුවටගෙන ඇති තරුණයෙකුගේ බැංකු ගිණුම්වලට විදේශයන්ගෙන් ඩොලර් ලැබී ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
නිවාස ගිනි තැබීම්වලට ලක්වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වන්දි ලබා දීමට ලිපිගොනු සකස් කරමින් තිබෙන බවත්, මේ දක්වා එක් මන්ත්‍රීවරයකුට පමණක් රුපියල් ලක්ෂ 8ක් ලබා දී තිබෙන බව ත් මන්ත්‍රීවරයා පැවසීය
