2024 වසර වනවිට කිරිපිටි ආනයනය නතර කිරීමට රජයේ අවධානය යොමුවි ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
මෙරට කිරි අවශ්‍යතාවය සපුරාලීමට කිරිපිටි ආනයනය සඳහා සෑම වසරකදීම ඇමරිකානු ඩොලර් මිලියන හයසියයකට වැඩි මුදලක් වැය වන බවත් දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීහ මගින් රට තුළම අවශ්‍ය කිරි ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීමේ හැකි බවද ඇමැතිවරයා පැවසීය.
සමස්ත අවශ්‍යතාවයෙන් සියයට හතළිස් දෙකක් පමණ කිරි නිෂ්පාදනය කිරීම සිදු කරන බැවින් මෙරට ඉල්ලුම සපුරාලීම සඳහා වාර්ෂිකව කිරි ආනයනය කිරීම සිදු කරයි .
