රන් භාණ්ඩ තොගයක් මුදාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා බලපෑම් නොකළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් සිල්වා මහතා සඳහන් කරයි.
රේගු ප්‍රධානියාට වජිර අබේවර්ධන මහතා විසින් බලපෑමක් සිදුකර නැති බවත් විධිමත් ලෙස ආයාචනයක් සිදුකර ඇති බවද එය ඔනැම් කෙනෙකුට ඔහු සතු භාණ්ඩ රාජස්න්තක වු පසු සෘජුව හෝ වක්‍රාකාරව ඒ සඳහා ඉල්ලීමට අවස්ථාව ඇති බවද ඔහු ඔහු සඳහන් කළේය.
රන් භාණ්ඩ නිදහස් කිරීම සම්බන්ධයෙන් සමාජජාලාවල සංසරණය වන ලිපිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකර
එම කරුණු පිළිබඳ සත්‍යය ඉක්මනින් රටට හෙළි කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.
