ආබාධ සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඉල්ලුම්කරුගේ ආබාධිත තත්ත්වය යටතේ රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළව වෛද්‍ය නිර්දේශය ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ නම් එම අයැදුම්කරු තාක්ෂණික කමිටුවකට යොමු කළ යුතු බවයි එහි සඳහන්ව ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර මෝටර් රථ කොමසාරිස්වරයෙක් ජ්‍යෙෂ්ඨ මෝටර් වාහන පරීක්ෂකවරයෙක් සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයා විසින් නම් කරනු ලබන වෛද්‍යවරයෙක් මෙම තාක්ෂණික කමිටුවට අයත් වෙයි.
මේ අනුව නව කමිටුව මගින් විවිධ ආබාධ සහිත පුද්ගලයන්ගේ ආබාධ තත්වයන් හඳුනාගෙන ඔවුන් සඳහා සුදුසු පරිදි රිය බලපත්‍ර ලබාගැනීමට අදාළ නිර්දේශ සිදුකරනු ලබයි.
