සියානු මලල ක්රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම ජයග්රහණය කිරීමට ශ්රී ලංකා ක්රීඩිකා නදීෂා රාමනායක ඊයේ (13 වැනිදා) සමත් වූවා.
තායිලන්තයේ බැංකොක් නුවර දී පැවති මෙම ආසියානු මලල ක්රිඩා උලෙළේ නදීෂා ලබා ගත් රන් පදක්කමත් සමග ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේ රන් පදක්කමක් ජයග්රහණය කළ 8 වැනි ශ්රී ලාංකිකයා ලෙස නදීෂා රාමනායක ගේ නම ඉතිහාසයට එක් වේ.
