යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මෙතෙක් කටයුතු කළ මේජර් ජෙනරාල් සී ඩී වීරසූරිය මහතා විශ්‍රාම ගැනීම නිසා නව තනතුරට සංජය වනසිංහ මහතා පත් කර ඇත.

1988- 1991 වසර දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ 11,වන හමුදාපතිවරයා වශයෙන් කටයුතු කල ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ පුත්‍රයා වන මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා සිය පියා යුද හමුදාපති ධූරය දරන වකවානුවේදී කැඩෙට් නිලධාරියකු වශයෙන්ද හමුදාවට එක් වී ඇත .

මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා වන්නි මානුෂීය මෙහෙයුමේ දී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින්.ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත් දක්ෂ නිලධාරියෙක් විය.

සංජය වනසිංහ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක් වන අතර ඒ මහතා හෙට ( ජුලි 15) නව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page