මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ෂ 5ක් ඇතත් ආදායම් බදු ගෙවන්නේ 31,000 ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටි.
අදාළ කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය වී තිබුණි
එහිදී වැඩිදුරටත් හෙළිව ඇත්තේ මෙරට සීමිත සමාගම් 150,000 ක් පමණ ලියාපදිංචි වී ඇතත් බදු ආදායමෙන් 82%ක් ලැබෙනුයේ සමාගම් 382 කින් බවයි.
