අනාගත නායකයන් බිහි කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ධූරයේ රාජකාරී බහුල බැවින් පක්ෂ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරිමට නොහැකි බව හා දෙවන පෙළ නායකයන් බිහි කිරීම යන කාරනා මුල් කර ගනිමිනි.

මෙම කාරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් සතියේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කල අතර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය ගැටලුවක් ඇති නොවීම පිණිස මෙම නායකත්ව මණ්ඩලය පත් කිරීමේ තීරණය ගන්නා බවයි.

බලතල සහිතව නායකත්ව මණ්ඩලයක් පත් කිරීමෙන් සැබෑ නායකයන්ට ඉදිරියට පැමිණිය හැකි වන අතර එසේ කළ නොහැකි පිරිසට පසුබැසීමට සිදුවනු බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත..

අගොස්තු මස මැද සතියේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී මෙම යෝජනාව සම්මත කර ගැනීමට නියමිතය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page