ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි .
පක්ෂයේ බහුතරය තම නායකත්වය ඉල්ලා සිටින්නේ නම් හා පක්ෂ නායකයා එය මා හට බාර දීමට කැමැත්තෙන් සිටි නම් තමන් පක්ෂය භාර ගැනීමට සූදානම් බව ඔහු පවසයි.
පක්ෂය ජයග්‍රහණය කරවීමට තමන්ට කටයුතු කල හැකි බව පවසන ඔහු පක්ෂ නායකයා අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ සිදු කරනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
