නිවසක වහලයේ තිබු දෙඹරු කුඩුවක් ඉවත්කිරිමට ගොස් දෙඹරු ප්‍රහාරයට ලක්වු තිදරු පියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය විය. මියගොස් ඇත්තේ පියල් සමන්ත (41) නැමති නාවිමන, මාතර දකුණ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

මියගිය අයගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබිය.

අසල්වාසි නිවසක වහලයේ තිබු දෙඹර කුඩුවක් මොහු සහ තවත් අයෙකු ඒක්ව ඉවත් කිරිමට ගොස් ඇති අතර එහිදි මොහු දෙඹරුන්ගේ ප්‍රහාරයකට ලක්ව ඇති බවත් දෙඹරු ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු මොහු මාසයකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය බවත් වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page