පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙහි තීන්දුව ඊයේ රත්නපුර මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව චෝදනාවට වරදකරුවන් වූ රත්නපුර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සුදත් දිසානායක හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රණවක කළුආරච්චි ඇතුළු 7 දෙනෙකුට
බරපතළ වැඩ සහිතව වසර 5 1/2 ක සිර දඩුවම් නියම කෙරුණු අතර තවත් දෙදෙනෙකුට වසර 7 1/2ක සිර දඩුවම්ද නියම කර ඇත.

නාලන්ද එල්ලාවල ඝාතනය වි දැනට වසර 26 ක් ගතවි ඇත.
1997 පෙබරවාරි මස 11 වන දින ඔහු රත්නපුර කුරුවිටදි ඝාතනය විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page