ප්‍රිමා තිරිගු පිටි සමාගමේ නිෂ්පාදනය කරන තිරිගු පිටි කිලෝවක මිල ජුලි මස 18 වන දින සිට රු 10 කින් අඩු කළ බව එම සමාගම නිවේදනය කර ඇත.

දිවයින පුරා එම සමාගමේ තිරිගු පිටි බෙදා හරින සියළුම අලෙවි නියෝජිතයන් වෙත මේ බව දැනුම් දුන් බව සමාගම පවසයි .

ඒ අනුව පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන ප්‍රිමා මිල්ක් බ්‍රැන්ඩ් කිලෝවක් එම සමාගම අලෙවි නියෝජිතයන්ට රු 210 කට නිකුත් කල අතර, එය වෙලදපොලේ රු 230 වැනි සිල්ලර මිලකට අලෙවි කෙරිණ.ෙ

නව මිල අනුව එම සමාගම ග්‍රින් තිරිගු පිටි කිලෝවක් රු 195 තොග මිලට අලෙවි කරන අතර, එම තිරිගු පිටි කිලෝවක් රු 210 ක සිල්ලර මිලකට අලෙවි කරන බවයි අලෙවි නියෝජිතයන් කියා සිටියේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page