මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට බාධවු පඬුකරද ගස ජාතික ආර්ථිකයේත් උන්නතිය උදෙසා කපා ඉවත් කරන ලද බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
කැබිනට් අනුමැතිය මත එය කපා ඉවත් කරන ලද බවත් පඬු කරද ගස සුරක්ෂා කර පෝෂණය කිරීමේ ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය කතරගම දේවාලයෙන් ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය .
මේ වනවිට පඬු කරඬු පැළ දෙසීයක් රෝපණය කර ඇති බවත් ඔහු වැඩි දුරටත් පවසන ලදි.
