කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරිනියගෙ නිවසට ඇතුළු වු පුද්ගලයෙකු ඒහි තිබූ කෝටි ගානක වටිනා දේපල තොගයක් සොරා ගන ඇති බව වාර්තා වේ.
ආදාල නිවසේ තිබී මිල කළ නොහැකි මැණික් දියමන්ති, මුතු සහ කෝටි ගණනක රන් භාණ්ඩ ඇතුළු දේපල තොගයක් මෙසේ සොරා ගෙන ඇත.
අදාල නිලධාරිනිය සහ පවුලේ කිසිවකු නිවසේ නැති අවස්ථාවක සැකකරු ජනේලයකින් නිවසට ඇතුළු වී මෙම දේපළ සොරාගෙන ගොස් තිබේ.
පසුව සිදුකරන ලද පොලිස් විමර්ශන අනුව මෙම සැකකරු රත්මලාන බේකරිය හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුට ගෙන ඇත.
