ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත් වීම් ලැබ තිබේ.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ සංශෝධනය පරිදි 4 2වන වගන්තියට අනුව සහ එහිදී සාදන ලද රෙගුලාසිවලට අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් වසර තුනක කාලයක් සඳහා මෙම පත්වීම සිදුකර ඇත.

අල්ලස් මගින් ක්‍රීඩාව දූෂණය වීම වැළැක්වීම සඳහා ක්‍රීඩා දූෂණ මර්දන ඒකකය ශක්තිමත් කිරීම සඳහා වූ සාකච්ඡාවක් නව පත්වීම භාර ගැනීමෙන් අනතුරුව පැවැත්වුණි.

ක්‍රීඩා දූෂණ වැළැක්වීම සඳහා ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහය ලබා දෙන බව මෙහි දී අමාත්‍යවරයා ,සී.ඩී. වික්‍රමරත්න මහතා හට පැවසීය.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page