කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු පිරිසක් අද දහවල් විරෝධතාවයක නිරත විය.
බොරු පැමිණිලි මත සිරගත කර සිටින කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂණ යන සිසුන් දෙදෙනා මාස 7 කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින බැවින් ඔවුන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
විශ්ව විශ්වවිද්‍යාල භූමියේ සිට විරෝධතා පුවරු ඔසවාගෙන ඔවුන් සරසවි මාවත ඔස්සේ පැමිණ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය ට ඇතුල්වන ස්ථානයේ සිට උද්ඝෝෂණ යෙදුනි.
