ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) දිවයිනෙන් පිටත් වේ.

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාවෙි දී ජනාධිපතිවරයා යටතේ තිබෙන අමාත්‍යාංශයන්හි වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා ඇත .

ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද,

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසද,

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද,

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසද පත් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page