සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගේන් රුපියල් කෝටි 16 කට අදික මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට රුපියල් ලක්‍ෂ 50 බැගින් වු කොටස් 20කින් මුදල් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අද නියම කළේය.
නීතීපතිවරයා ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා පත්‍රයට වරද පිළිගැනීමෙන් අනතුරුව එලෙස නියම කළ විනිසුරුවරයා අදාළ මුදල් ගෙවීමෙන් අනතුරව චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ට දඬුවම් නියම කරන බවද වැඩිදුරටත් දැනුම් දුන්නේය.
මුල්‍ය පනතට පටහැනි අන්දමට ”සක්විති කන්ට්‍රක්ෂන් හවුස් ප්‍රයිවට් ලිමිටඩ්” නමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් 164,185 000/-ක මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීම මුල්‍ය පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.
නඩුව කැඳවනු ලැබ අවස්ථාවෙදී විත්තිකාර සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ අධිකරණයේ පෙනී සිටියහ.
මුලින්ම මෙම සිද්ධියට අදාළව සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙකනුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබු අතර මීට පෙර අවස්ථාවක ඉන් විත්තිකරුවන් 09 දෙනෙකු නීතීපතිවරයාගේ උපදෙස් මත නිදහස් කෙරිණී
